කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
තව ද, රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 10000 කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතින අතර මේ වනවිට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනූව මෙම ප්‍රමාණය අද දහවල් කාලයේදී තවදුරටත් වැඩිකිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අදාල නිවේදනය පහතින්,