ලිඳකට වැටී පුද්ගලයෙකු මරුට

Share

මුලතිව් මුල්ලවයික්කාල් ප්‍රදේශයේ ලිඳකට වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 32ක් වන මුල්ලවයික්කාල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු සිය මව සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර මව නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ මරණකරු නිවස ආසන්නයේ තිබූ අඩි 15 ක් පමණ ගැඹුරු ළිඳට වැටී සිටිනු දැක තිබෙනවා.

ඔහු ළිඳට වැටුනු ආකාරයක් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

Read more

Local News