එගොඩඋයන පොලිස් වසමේ බොල්ගොඩ ගඟේ කාන්තා මෘත ශරීරයක් හමුවී තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 63ක් වන හොරෙතුඩුව, පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරිය මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එගොඩඋයන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



