රුසියානු ජාතික පවුලක් දියවැලකට හසුවෙයි

Share

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතික පිරිමි පුද්ගලයෙකු, කාන්තාවක් හා දැරියන් දෙදෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගෙන තිබෙනවා.

දිය අනතුරින් මුදාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 40ක් හා කාන්තාව වයස අවුරුදු 39ක්ද, දැරිවියන් දෙදෙනා අවුරුදු 07 හා 13 යන වයස්වල පසුවන එකම පවුලේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News