යාන්ත්‍රික බලයෙන් ගුවන ජයගෙන අදට වසර 121 යි

Share

කාර්මික විප්ලවය ලබා දුන් උත්ප්‍රේරණය හේතුවෙන් එවක මිනිසා තම ප්‍රවාහන අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් යාන්ත්‍රික බලය කෙරෙහි යොමුවිය. ගොඩබිම මෙන්ම සාගරය ද ජයගත් ඔවුහු ගුවනේ සැරිසැරිය හැකි ආකාරය පිළිබඳව නොයෙකුත් පර්යේෂන වල නිරත වූහ.
දශක ගණනාවක ගවේෂණාත්මක අත්හදාබැලීම්වල ප්‍රතිපල ලෙස ගුවනින් ගමන් කිරීමේ නොතිත් ආශාවට සාර්ථකව මුල්ම ආරම්භය රයිට් සහෝදරයන් විසින් ලබාදුන්නේ මෙයින් වසර 121 කට පෙර අද, එනම් 1903 දෙසැම්බර් 17 වන දින ය.

එය දීර්ඝ අත්හදාබැලීම්වල උසස්ම සාර්ථක ප්‍රතිඵලය ලෙස දැක්විය හැකි සේම වත්මන් ගුවන්සේවා කර්මාන්තයට මූලාරම්භය ලබාදුන් ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම ද වෙයි.

විල්බර් රයිට් සහ ඕවිල් රයිට් සහෝදර දෙපළ, යන්ත්‍රයකින් ජනනය වන බලයක් උපයෝගී කොට ගෙන වාත ප්‍රතිරෝධය හා ගුරුත්වාකර්ෂණය මැඩලමින් සිය ෆ්ලයර් 01 (Flyer 01) නමැති ආකෘතික යානාව අවකාශයේ ගමන් කරවන්නට සමත්කම් දැක්වූ හ.

එය මිනිසෙකු විසින් යාන්ත්‍රික බලය උපයෝගී කරගෙන සාර්ථක පියසැරියක් සිදුකල පළමු අවස්ථාව වෙයි.

එහි ගමන් කාලය තත්පර 12 ක්, දුර අඩි 120 ක් පමන තරම් කෙටි වුවත් එහි ගැබ්ව තිබූ තාක්ෂණය හා ඉන් ලැබූ පන්නරය වසර 121 ක් ගතවන මේ මොහොතේ ජාත්‍යන්තර වශයෙන් ගුවන්සේවා කර්මාන්තය පවතින ස්ථානය පිළිබඳව විමර්ෂණාත්මකව විග්‍රහ කල විට මනාව පැහැඳිළි වේ.

මගීන් සිය ගණනක් ගුවනින් රැගෙන කිලෝමීටර දහස් ගණනක් හා පැය ගණනාවක් අඛණ්ඩව පියාසර කිරීමට තරම් ගුවන් යානාව ප්‍රබල ස්ථානයකට පත්වන්නට මූලාරම්භය ලබාදුන්නේ රයිට් සහෝදරයන්ගේ මගපෙන්වීමයි.

වර්ථමානය වන විට ලොව පවතින නිරුපද්‍රිත, ආරක්ෂිත, කාර්‍යක්ෂමතාවයෙන් හෙබි මෙන්ම වේගවත්ව ප්‍රවාහන මාධ්‍ය වන්නේ ගුවන් ප්‍රවාහන කර්මාන්තය යි. එහි සාඩම්බරනීය නිමැවුම්කරුවන් රයිට් සහෝදරයන් ය.

මේ විප්ලවීය වෙනස සිදුකල රයිට් සහෝදරයන්ට ගෞරවාන්විත පිළිගැනීමක් ලබාදීම සඳහා දෙසැම්බර් 17 දින Wright Brother’s Day ලෙස නම් කර ඇත.

රයිට් සහෝදරයන්ගේ ගුවන ජයගැනීමෙන් දශකයක් ගතවන්නටත් පෙර ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තයට අත්පොත් තැබෙනුයේ 1911 වසරේ දී බ්‍රවුන්ස් ආණ්ඩුකාරවරයාගේ පාවිච්චියට බව පවසමින් ගුවන් යානාවක් දිවයිනට රැගෙන පැමිනීමත් සමගිනි.

ඉන් ඇරඹි අපේ ගුවන් කර්මාන්තය වර්ථමානය වන විට කලාපයේ හා ජාත්‍යන්තර වශයෙන් සුරක්ෂිතතාවය හා ආරක්ෂාව අතින් ඉහළ ස්ථානයකට ඔසවා තබන්නට කටයුතු කල ගුවන් කර්මාන්තයට සම්බන්ධ සියළු දෙනාගේ සේවය සිහිපත් කරමින් ඔවුන්ගේ සේවය අද දවසේ අගය කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ශ්‍රී ලංකාවේ ගුවන් කර්මාන්තයේ නියාමන ආයතනය නිවේදනය කරයි.

Read more

Local News