මාවරමංඩිය දෙස සිට කඩවත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමේ දී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 21ක් වූ සිගිරිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.