දුම්රියක ගැටී පාසල් සිසුවියක් හා කාන්තාවක් මරුට

Share

අනුරාධපුර, නව නගරය දුම්රිය ස්ථානය ආසන්නයේ දී කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පාසල් සිසුවියක් හා කාන්තාවක් මියගොස් තිබෙනවා.

මරණකාරියන් අවුරුදු 18 හා 37 යන වයස්වල පසු වූ රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පැවැති ටයිකොන්ඩෝ ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වීම සඳහා මොවුන් රත්නපුර ප්‍රදේශයේ සිට පැමිණි පාසල් සිසුවියක් සහ
තවත් පාසල් සිසුවියකගේ මවක් බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News