අහංගම දෙස සිට ඉමදූව දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබු ත්රීරෝද රථයේ රියදුරු හා එහි පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා අහංගම රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී ත්රීරෝද රථ රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 38ක් වූ අහංගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.