අම්පාර, සේනානායකපුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසක පසුවන නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
විදුලි රැහැන් කණුවකට නැඟ එහි රැහැන් කැපීමට තැත් කිරීමේදී මෙලෙස විදුලි සැර වැදී මෙම පුද්ගලයා මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.