නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම අද

Share

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ.

සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ GOVPAY පහසුකම දියත් කිරීම, මෙතෙක් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු වූ ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙන යාම සහ විදේශ තානාපති කාර්යාල හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල පිටපත් ලබා ගැනීමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දීමේ (EBMD) පහසුකම දියත් කිරීම ඒ අනුව අද සිට සිදු කෙරේ.

Read more

Local News