ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් අවුරුදු 22 හා 28 යන වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.