වලස්කටා අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන සම්පත් හෙවත් වලස්කටා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයෙකු වන දිසානායකගේ දේවාන්මිනි දිසානායක හෙවත් ගම්පහ පස්දේවා පසුගිය 3 වැනිදා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම් අනුවයි පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read more

Local News