ජනපතිගේ කීර්ති නාමයට අපහාස කලායැයි CIDයට පැමිණිල්ලක්

Share

‘ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කීර්ති නාමයට සහ චරිතයට අපහාස වන අයුරින් කාන්තාවක සම්බන්ධ කර සමාජ මාධ්‍යවල පළ වන වාර්තා පිළිබඳව’ විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නීතිඥවරයෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

අගෝස්තු 7 වන දින නීතීඥ අකලංක උක්වත්ත විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ “ජනාධිපතිවරයාගේ උපදෙස්” මත බව එම නීතිඥවරයා සඳහන් කරයි.

දින කිහිපයක් පුරා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ ඇතැම් ප්‍රබල චරිත ව්‍යාපාරික කාන්තාවකට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යවල විවිධ ප්‍රකාශ මෙන් ම ඡායාරූප ද සංසරණය වන අයුරු නිරීක්ෂණය විය.

ඒ, ජනාධිපතිවරයා දුර පළාත්වල සිදු කරන සංචාරවලදී නිල නිවාසවල නොව අදාළ කාන්තාවට හිමි හෝටල්වල නතර වන බවට විවේචනය කරමිනි.

Read more

Local News