ජනපති අනුර කුමාර දිසානායක මානව හිමිකම් මහ කොමසාරිස් හමුවෙයි

Share

ජනපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සමඟ හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව අමෙරිකා වේලාවෙන් ඊයේ (23) දින එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදීයි සිදුව ඇත්තේ.

මෙහිදී මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳවයි සාකච්ඡා කර ඇත්තේ.

මෙම හමුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා වන විජිත හේරත් සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය ද සහභාගී වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට පැමිණි ජනාධිපතිවරයා අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතයි.

Read more

Local News