අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව අධිකරණය මගහැරීම නිසා හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් වරෙන්තු නිකුත් කර තිබෙනවා. රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති අතර, විමල් වීරවංශගේ ඇපකරුවන්ටද ලබන නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනුයි නොතීසි නිකුත් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.



