අද (22) අලුයම මාදම්පිටිය සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමේදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 501ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාදම්පිටිය පොලීසිය සමත් වී ඇති බවට වාර්තා වනවා. 24 සහ 29 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා කොළඹ පදිංචිකරුවන් වන මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව විද්‍යුත් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 18,000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.



