අයිරාංගනී සේරසිංහගේ රුව රැගත් සමරු මුද්දරයක් එළිදකී

Share

ශ්‍රී ලාංකේය සිනමාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” ජාතික සැමරුම් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ රුව ඇතුළත් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිල වශයෙන් එළිදක්වා තිබෙනවා.

මීට අමතරව, මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට මෙහෙවර උදෙසා ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේනට විශේෂ සම්මානයක් ද පිරිනැමුණා. 1925 වසරේ නිහඬ සිනමාවෙන් ඇරඹි මෙරට සිනමා ඉතිහාසය, 2025 වසරේදී සියවසක් සපුරන අතර එම අභිමානවත් ගමන් මග පිළිබඳව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් මෙහිදී විශේෂ දේශනයක්ද පැවැත්වූ බවට‍යි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News