ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම මැද කොළඹ නව රථවාහන සැලැස්මක්

Share

2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය 2026.02.07 වන දින සිට 2026.03.08 දින දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය හා කුරුඳුවත්ත 5SC ක්‍රීඩාංගනයන්හි පැවැත්වීමට මේ වනවිට සියළු කටයුතු සූදානම්. මෙම තරඟ නැරඹීම සඳහා දේශීය හා විදේශිය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් එම තරඟ පැවැත්වෙන දිනයන්ට අදාලව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News