ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ චක්‍රලේඛවලට එරෙහිව පෙත්සමක් – හිටපු ජනපතිවරුන්ට සහ වත්මන් ජනාධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

Share

ජීව විද්‍යාත්මක පදනමකින් බැහැරව පුද්ගල අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීමට ඉඩ සැලසීම නීති විරෝධී බව පවසමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 2016 වසරේ නිකුත් කළ චක්‍රලේඛ හරහා ලිංගික අනන්‍යතාවය වෙනස් කිරීමටත්, ඒ වෙනුවෙන් නව උප්පැන්න සහතික හා හැඳුනුම්පත් නිකුත් කිරීමටත් රජය ගෙන ඇති පියවර මෙරට නීතියට මෙන්ම මෑතකාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලටද පටහැනි බවටයි පෙත්සම්කරු චෝදනා කරන්නේ.

මෙම ක්‍රියාවලිය හරහා සමලිංගික විවාහ සඳහා වක්‍රව ඉඩ ප්‍රස්ථා ලැබෙන බව පෙන්වා දෙන ඔහු, අදාළ චක්‍රලේඛ හා වැඩසටහන් බල රහිත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇති අතර, පෙත්සම ජූලි මස 20 වනදා නැවත සලකා බැලීමට නියමිතයි.

Read more

Local News