මෙරට මාධ්‍යවේදීන් 30කට ඉන්දියාවේදී පුහුණු වැඩසටහනක්

Share

ඉන්දීය රජය විසින් සංවිධානය කරන ලද හයිද්‍රාබාද් හි MCR මානව සම්පත් සංවර්ධන ආයතනයේදී පැවැත්වෙන සතියක විශේෂිත පුහුණු වැඩසටහනක් සඳහා ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් 30 දෙනෙකු තෝරාගෙන තිබෙනවා. පෙබරවාරි 16 සිට 21 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන මගින් මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි නවතම ප්‍රවණතා පිළිබඳව මාධ්‍යවේදීන්ගේ ධාරිතාව වර්ධනය කිරීමට අපේක්ෂිත අතර, ඊට සමගාමීව ඉන්දියාවේ ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන නැරඹීමේ චාරිකා ද මීට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙම පුහුණු වැඩසටහන සඳහා සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් එහි සහකාර කළමණාකාරිනී අශිකා අරූස් ද සහභාගී වීමට නියමිතයි. මීට අදාළ පූර්ව දැනුවත් කිරීමේ සැසියක් පසුගියදා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබුවා.

Read more

Local News