මෙවර 2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වන අතර, ඒ සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල්වරිය අවධාරණය කරන්නේ මෙවර 5, 6, 7 සහ 8 යන දිනවල විෂය පෙළගැස්ම වෙනස් කර ඇති බැවින් නිල වෙබ් අඩවියේ පළ කර ඇති නිවැරදි කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙසත්, විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙසත්ය.
විභාග ශාලාව තුළට තහනම් උපකරණ රැගෙන ඒමෙන් වැළකී, නිසි අනන්‍යතා පත්‍රයක් සහිතව පෙනී සිටිය යුතු අතර, පිළිතුරු ලිවීමේදී ටිපෙක්ස් (Correction fluid) භාවිත නොකර පැහැදිලි අත්අකුරින් පිළිතුරු සැපයිය යුතු බවත් සඳහන්. තවද, විභාග නීතිරීති නිසි ලෙස පිළිපදිමින් අනෙකුත් අපේක්ෂකයින්ට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීම ප්‍රතිඵල අවලංගු වීම වැනි ගැටලු මඟහරවා ගැනීමට අත්‍යවශ්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.



