ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්

Share

මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් හානියට පත් මධ්‍යම පළාතේ මාර්ග පද්ධතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට සහ අනෙකුත් යටිතල පහසුකම් නංවාලීමට ඕස්ට්‍රේලියානු රජයේ සහාය ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක්වී තිබෙන බවටයි වාර්තා වන්නේ.

මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වී ඇති අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වී ඇති බවට වැඩිදුරටත් සඳහන්.

Read more

Local News