ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. එම සමාගම සහ එහි සේවකයින් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.



