ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

Share

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (09) පැවැත්වෙන 59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතන රැසක මෙහෙයවීමෙන් සංවිධානය කර ඇති මෙම පුණ්‍ය මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් ගොවි ජනතාව සහභාගී වනවා. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතයි.

Read more

Local News