පොලිස් වාර්තාවලට අනුව, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා වනවා. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවකට අදාළව ඇප මත සිටි ඔහු, අධිකරණ විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (7) අධිකරණය නියෝග කර තිබූ පසුබිමක මෙම මරණය සිදුව ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් තහවුරු කර ඇත්තේ.



