තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Share

ඊයේ (17) දින කොල්ලුපිටිය පොලිස් වසමේ නිමල්කා උද්‍යානයේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 540 ක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවට වාර්තා වනවා.
සැකකරු අවුරුදු 35 ක් වන චීන ජාතිකයෙක්. කොල්ලුපිටිය පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read more

Local News