ඉරානයට එරෙහිව ක්‍රියාත්මක ඇමෙරිකානු නාවික අවහිර කිරීමේ මෙහෙයුම යටතේ, පැය 24ක් පුරා ලබාදුන් අනතුරු ඇඟවීම් නොතකා ඉරානය දෙසට ගමන් කළ බොට්ස්වානා ධජය සහිත ‘M/T Lexie’ තෙල් නැවට ඇමෙරිකානු හමුදාව විසින් ‘හෙල්ෆයර්’ (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත අප්‍රේල් 13 වැනිදා ඇරඹි මෙම මෙහෙයුම මඟින් නැවේ එන්ජින් කාමරය අක්‍රීය කර ඇති අතර, මෙය ඇමෙරිකාව විසින් මෙලෙස අක්‍රීය කළ 6 වැනි නෞකාවයි. මීට අමතරව ඉරාන වරායන් වෙත යාමට සහ ඉන් පිටවීමට උත්සාහ කළ තවත් නෞකා 122ක් වෙනත් මාර්ග වෙත හරවා යැවීමට ද ඇමෙරිකානු මධ්‍යම විධානය පියවර ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share
Read more



