සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ට මොස්කව් වෙත පැමිණිය හැකි බව රුසියාව පවසයි.
ජනාධිපති Vladimir Putinගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක Dmitry Peskov මේ බව ඊයේ(4) සඳහන් කළේය.
යුරෝපයේ සහ ඇමරිකාවේ සහභාගිත්වය ඇතිව රුසියානු ජනාධිපතිවරයා සමග රැස්වීමක් යෝජනා කරමින් යුක්රේන ජනාධිපති Zelensky මීට පෙර ලිපියක් යොමු කොට ඇත.
පුටින් ජනාධිපතිවරයා ඊයේ(4) පැවසුවේ රුසියාව සාමකාමී ක්‍රම මගින් යුක්රේනය සමග එකඟතාවයකට පැමිණීමට සහ සම්මුතීන් පිළිගැනීමට සූදානම් බවයි.
2025 වසරේ අගෝස්තු මාසයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග Anchorage හි පැවති සාකච්ඡා රාමුව මත පදනම්ව, විසඳුමක් කෙරෙහි යොමු වීමට රුසියාව සූදානම් බව Vladimir Putin ප්‍රකාශ කර ඇත.
Share
Read more



