ට්‍රම්ප් හදිසියේම NBC සම්මුඛ සාකච්ඡාව අවසන් කරයි

Share

NBC වැඩසටහනේ ඉදිරිපත් කරන්නිය වන ක්‍රිස්ටන් වෙල්කර් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිහිප වතාවක්ම තමන් ව අභියෝගයට ලක් වීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම ඉන් ඉවත් වුණා.
Meet The Press හි විකාශය වූ සම්මුඛ සාකච්ඡාව අතරතුර, ජනාධිපතිවරයා කියා සිටියේ කැලිෆෝනියාවේ වත්මන් ප්‍රාථමික මැතිවරණ සහ 2020 ජනාධිපතිවරනය යන දෙකම “දූෂිත” බවයි.
කැලිෆෝනියාවේ ඡන්දය පිළිබඳ සාක්ෂි සඳහා වෙල්කර් විසින් ප්‍රශ්න කළ විට, ට්‍රම්ප් පැවසුවේ “මට කළ යුතුව ඇත්තේ බැලීම පමණයි, මම සවන් දෙමි.” යනුවෙනුයි.
“ඒක සාක්ෂියක් නෙවෙයි” කියලා ඉදිරිපත් කරන්නිය පිළිතුරු ලබා දුන් පසු, ට්‍රම්ප් මාධ්‍යට චෝදනා කළේ මාධ්‍ය අවංක නැති බවටයි. අනතුරුව සම්මුඛ සාකච්ඡාව අවසන් කළ ඔහු “කණගාටුයි, මට ඇති නිසා අපි ඒක නවත්තමු.” යනුවෙන් පවසා තිබෙනවා.

Read more

Local News