චීන ජනාධිපති ෂී ජින්පිං මහතා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමු වෙයි. එම හමුව ඊයේ (08) Pyongyang හිදී පැවැත්විණ.
කොමියුනිස්ට් පක්ෂයක නායකත්වයෙන් යුත් සමාජවාදී රටවල් දෙකක් වශයෙන් චීනය හා උතුරු කොරියාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද , ද්විපාර්ශ්වික සම්බන්ධතා රැකගැනීම, කිම් ජොන් උන් මහතාගේ නායකත්වය යටතේ උතුරු කොරියාවෙහි ක්‍රියාත්මක කෙරෙන සමාජවාදී ක්‍රමයට සහාය වීම මෙන්ම දෙරටේ පොදු යහපත හා පොදු උපාය මාර්ගික පරිසරය ආරක්ෂා කිරීම වෙනස් නොවන බව හෙතෙම අවධාරණය කරයි. එසේම නව යුගයේ දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වයට නව ශක්තිය හා අන්තර්ගතය එක් කළ යුතු බව ද පෙන්වා දෙනු ලැබිණ.
ඉදිරියේදී චීන-උතුරු කොරියානු සම්බන්ධතා වර්ධනය කිරීම වෙනුවෙන් චීන ජනාධිපතිවරයා සිව්වැදෑරුම් යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත. එම යෝජනාවට අනුව , රාජ්‍ය නායක මට්ටමේ හුවමාරු මගින් දෙරටේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් තබා ගත යුතුය. දෙරටේ ජනතාවගේ සුබසෙත සලකා බලමින් ප්‍රයෝගික සහයෝගිතාව ඉහළ නංවා ගත යුතුය. සාම්ප්‍රදායික මිත්‍රත්වය ඔස්සේ දෙරටේ ජනතාවගේ හදවත් වඩාත් සමීප කළ යුතුය. එසේම සාධාරණත්වය හා යුක්තිය මූලික කර ගනිමින් දෙරටේ උපාය මාර්ගික සහයෝගිතාව තවදුරටත් අලුත් කළ යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
වසර 7කට පසු චීන ජනාධිපතිවරයා යළි උතුරු කොරියාවට පැමිණීම, විශේෂයෙන් මේ වසරේ පළමු විදේශ සංචාරය සඳහා චීන ජනාධිපතිවරයා උතුරු කොරියාව තෝරාගෙන තිබීම, සිය රටට විශාල ගෞරවයක් බව උතුරු කොරියානු නායකයා එහිදී කියා සිටියේය. ඉකුත් සැප්තැම්බර් මාසයේ ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග බෙයිජිං හිදීපැවති හමුවෙන් පසු ද්විපාර්ශ්වික සම්බන්ධතා විවිධ ක්ෂේත්‍රයන්හි සක්‍රිය වෙමින් පවතින බැවින් දෙරටේ ජනතාවට සැබෑ සෙතක් සැලසී ඇතැයි කිම් ජොන් උන් මහතා පවසයි. චීන පාර්ශ්වය සමග එක්ව ෂී ජින්පිං ජනාධිපතිවරයා දෙරටේ සම්බන්ධතා වර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා පූර්ණ වශයෙන් ක්‍රියාවට නංවා ගැනීමට උතුරු කොරියාව බලාපොරොත්තු වේ. නව යුගයේ උතුරු කොරියා- චීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම, උතුරු කොරියාවේ වෙනස් නොවන උපාය මාර්ගික තෝරා ගැනීමක් බව ද උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.





