2026 ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව, අද (11) පෙරවරුවේ බෙයිජිංහිදී ආරම්භ විය. සමුළුව ඇරඹීමෙන් අනතුරුව පූර්ණ සැසියක් ද පැවැත්විණ.
එක්සත් ජාතීන්ගේ ‘සංවර්ධන අයිතිය පිළිබඳ ප්‍රකාශය’ සම්මත කිරීමේ 40වන සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම දෙදින සමුළුව, “සංවර්ධනය තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන සංකල්පය කේන්ද්‍ර කර ගනිමින් ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ගැටළු සාකච්ඡා කිරීමට වෙන් වනු ඇත.
මෙම සමුළුවට 100කට අධික රටවල මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානවල දෙස් විදෙස් අමුත්තන් 400කට අධික සංඛ්‍යාවක් එක් වේ.
Share
Read more



