10 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ

Share

10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (11) නිරිතදිග චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දී ආරම්භ විය. රටවල්, ප්‍රදේශ මෙන්ම ජගත් සංවිධාන 60කට වැඩි ප්‍රමාණයක් ඊට සහභාගී වූ අතර එහි ප්‍රදර්ශන පරිමාණය හා ජාත්‍යන්තර දායකත්වය ඓතිහාසික නව වර්තාවක් නිර්මාණය කර ඇත. සියළු දකුණු ආසියානු රටවල් ආවරණය කෙරෙන මේ වසරේ ප්‍රදර්ශනයට ව්‍යවසායන් 560ක් එක්ව සිටී. ඊට අමතරව, තවත් දෙස් විදෙස් ප්‍රධාන කර්මාන්ත ව්‍යවසාය 100ක් මෙන්ම ගැනුම්කරුවෝ 1500කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටිති.

“සමගිය, සහයෝගිතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම”මැයෙන් මේ වසරේ ප්‍රදර්ශනයේ විශේෂ තේමා ප්‍රදර්ශන ශාලා 16කින් සමන්විතය. කෘත්‍රිම බුද්ධිය, හරිත බලශක්තිය, නවීන නිෂ්පාදනය යන ක්ෂේත්‍ර ඊට ඇතුළත් වේ. එයින් චීනය හා දකුණු ආසියානු මෙන්ම ආසියාන් රටවල් අතර විවෘත සහයෝගිතාවේ වඩාත් වැඩි ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කෙරේ. ඊට අමතරව, මේ වසරේ දී ප්‍රථම වරට සේවා වෙළඳ ප්‍රදර්ශන ශාලාව ස්ථාපිත කර ඇති අතර එහි සේවා වෙළඳ ප්‍රධාන කර්මාන්ත ව්‍යුහය හා නවෝත්පාදන ජයග්‍රහණ ඉදිරිපත් කර ඇත.

මෙම වසරේ දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත රට බංග්ලාදේශයයි. වර්ග මීටර් 360ක ජාතික මණ්ඩපයක්, සම්මත කුටි 84ක් ස්ථාපිත කර ඇති අතර බංග්ලාදේශයේ ප්‍රධාන කර්මාන්ත හතක් නියෝජනය කරමින් ව්‍යවසායන් 100කට අධික සංඛ්‍යාවක් ඊට සහභාගී වී සිටී. මෙම ප්‍රදර්ශනය බංග්ලාදේශය විසින් චීනයේදී  මෙතෙක් පවත්වන ලද විශාලතම ජාතික ප්‍රදර්ශන ක්‍රියාකාරකමක් වීම විශේෂත්වයකි.

Read more

Local News