පළමු මාස පහ තුළ චීන ජාතික දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය ටොන් බිලියන 1.67ක්

Share

සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගමට අනුව, මෙම වසරේ ප්‍රථම මාස පහ තුළ චීන ජාතික දුම්රිය මාර්ගය ඔස්සේ ටොන් බිලියන 1.67ක භාණ්ඩ ප්‍රවාහනය කර ඇති අතර, එය පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා 1.8%ක වැඩි වීමකි. සාමාන්‍ය දෛනික භාණ්ඩ පැටවීමේ දුම්රිය මැදිරි සංඛ්‍යාව 186,300ක් වූ අතර එය වසරින් වසර 2.8%ක වැඩිවීමක් වේ. ඒ අතරින් මැයි 2 වන දින එක් දිනක් තුළ භාණ්ඩ පැටවීමේ දුම්රිය මැදිරි සංඛ්‍යාව ඉහළම වාර්තාවක් නිර්මාණය කළ අතර, එම සංඛ්‍යාව 202,400කි.
මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ, චීන ජාතික දුම්රිය පද්ධතිය ධාන්‍ය ටොන් මිලියන 48.806ක් ප්‍රවාහනය කර තිබේ. එය පසුගිය කාලසීමවට වඩා 11.9%ක වැඩිවීමකි. මෙම කාලය තුළ ජාතික දුම්රිය මාර්ගය ගල් අඟුරු ටොන් මිලියන 870ක් ප්‍රවාහනය කර ඇති අතර එයින් තුනෙන් දෙකක්ම විදුලිබල උත්පාදනය සඳහා භාවිත කරන ලදී. එසේම චීන-යුරෝපීය සහ චීන-මධ්‍යම ආසියානු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා මගින් මුළු දුම්රිය 15,506ක් ක්‍රියාත්මක කර ඇති අතර එය වසරින් වසර 12.6%ක වැඩිවීමකි.
මීට අමතරව, ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ජාතික දුම්රිය සහ ජල මාර්ග අන්තර් මාදිලි ප්‍රවාහන පරිමාව සම්මත බහාලුම් මිලියන 7.58ක් දක්වා ළඟා විය. එය පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා 11.0%ක වැඩිවීමක් වාර්තා කර තිබේ.

Read more

Local News