ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ චීන විදේශ ඇමති Wang Yi මහතා අතර හමුවක් පැවැත්විණ. ඒ ඊයේ(23) නවදිල්ලි නුවරදීය. Wang Yi මහතා 16වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ රුස්වීම සඳහා සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටී.
වර්තමාන තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ඉහළ මට්ටමේ සබඳතා පවත්වා ගත යුතු බවත් නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් ගෝලීය දකුණේ රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. එළඹෙන වසරේ බ්‍රික්ස් සංවිධානයේ වාරික සභාපතිත්වය දරන චීනයට ඉන්දියාව සහයෝගය ලබා දෙන අතර බ්‍රික්ස් සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව චීනය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද මෝදි මහතා කියාසිටියේය.
මේ අතර Wang Yi මහතා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ, ඉන්දියාව සමග එක්ව දෙරටේ නායකයින් අතර ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය අපේක්ෂා කරන බවය. සැකයන් දුරු කර අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, සංවේදී ගැටලු නිසි ලෙස විසඳා ගැනීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය. ඉන්දීය-චීන සබඳතාවල ධනාත්මක ප්‍රවණතාව පවත්වා ගනිමින් දෙපාර්ශ්වයේ නවීකරණ ක්‍රියාවලීන් එක්ව ඉදිරියට මෙහෙයවිය යුතු බවත් Wang Yi මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.





