චීන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ජපාන යාත්‍රාවක් ඉවත් කෙරේ

Share

චීනයේ Chiwei Yu දූපතට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ජපාන යාත්‍රාවක් අද (7) එම ප්‍රදේශයෙන් ඉවත් කළ බව චීන වෙරළාරක්ෂක බලකාය පවසයි.
චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Jiang Lue සඳහන් කළේ, අදාළ යාත්‍රාවට නීත්‍යනුකූල අනතුරු ඇඟවීම් නිකුත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන එය චීන මුහුදු සීමාවෙන් ඉවත් කළ බවයි.
Diaoyu Dao දූපත සහ ඒ ආශ්‍රිත දූපත් චීනයට අයත් අත්‍යවශ්‍ය භූමි ප්‍රදේශ බව අවධාරණය කර ඇති ඔහු, අදාළ මුහුදු ප්‍රදේශයේ සිය ආක්‍රමණශීලී සහ ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නතර කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News