උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයා චීන නිල සංචාරය අරඹයි

Share

උතුරු කොරියානු අගමැති Pak Thae-song මහතා සිය චීන නිල සංචාරය අරඹයි. අද (10) පෙරවරුවේ හෙතෙම විශේෂ ගුවන් යානයකින් ‍චීනයේ බෙයිජිං අගනුවර වෙත පැමිණෙමින් සිය චීන නිල සංචාරය ආරම්භ කළේ ය.

උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, උතුරු කොරියානු ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ රාජ්‍ය කටයුතු කොමිසමේ උප සභාපති, අගමැති Pak Thae-song මහතා සමග එරට ආණ්ඩු පක්ෂයේ හා රජයේ නියෝජිත පිරිසක් මෙම තෙදින චීන සංචාරයට එක්ව සිටිති.

Read more

Local News