මෙම වසරේ මුල් මාස හය තුළ චීනයට පැමිණි සහ චීනයෙන් පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඓතිහාසික නව වාර්තාවක් තබමින් මිලියන 369ක් ලෙස සටහන් වී ඇත. මෙම අගය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 10.8%ක වර්ධනය වීමකි. චීන ජාතික ආගමන පරිපාලනය අද (10) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
ඒ අනුව, මෙම වසරේ මුල් මාස හය තුළ චීනයට පැමිණි සහ චීනයෙන් පිට වූ පුද්ගලයින් අතරින්, මිලියන 176ක පිරිසක් චීන මහා ගොඩබිමේ පදිංචිකරුවන් වන අතර සෙසු මිලියන 147ක පිරිස චීනයේ හොංකොං හා මැකව් විශේෂ පරිපාලන කලාපවල සහ තායිවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. එය 2025 වසර සමග සැසඳීමේදී පිළිවෙළින් 10.7%ක සහ 8.1%ක වැඩිවීමකි. එමෙන්ම මිලියන 45.9ක පමණ විදේශිකයන් ද මෙම පිරිස අතර වන බවත්, එය වාර්ෂිකව 20.6%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බවත්, චීන ජාතික ආගමන පරිපාලන දත්තයන්හි දැක්වේ.
තවද, එම කාලය තුළ නිදහස් වීසා පහසුකම යටතේ චීනයට ප්‍රවේශ වූ විදේශිකයන්ගේ වාර ගණන මිලියන 17.815ක් වන අතර එය පෙර වසරේ අදාළ කාලසීමාවට වඩා 30.6%කින් වර්ධනය වීමකි.
එමෙන්ම, චීනයට වැඩිම විදේශීය සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රටවල් දහය වන්නේ, දකුණු කොරියාව, රුසියාව, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, ඇමරිකාව, ජපානය, මොංගෝලියාව සහ ඕස්ට්‍රේලියාව වන අතර, මෙම රටවලින් පැමිණි සංචාරකයින්ගේ වාර ගණන චීනයට ප්‍රවේශ වූ සමස්ත විදේශිකයන්ගෙන් 62%ක ප්‍රමාණයක් ගැනීම ද විශේෂත්වයකි.
Share
Read more



