රිවොල්වර අවියකට සමාන ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

ඊයේ (12) දින රාත්‍රී මහරගම පොලිස් වසමේ දුම්රිය මාවත ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රිවොල්වර ගිනි අවියකට සමාන ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 22 ක් වන දුම්රිය මාවත, මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News