හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහස පවත්වා ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තවදුරටත් උත්සන්න වීම හමුවේ මැදපෙරදිග සහ ඉන් ඔබ්බට සිවිල් වැසියන්ට අහිතකර බලපෑම් රැසක් සිදුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා ඊයේ (14) පැවසීය. අදාළ සියලු පාර්ශ්ව ජාත්‍යන්තර මානුෂිය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ දෛනික පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ආරක්ෂා කිරීම සඳහා පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.
Share
Read more



