මුහුණුපොත හරහා වාහන විකුණා නැවත මංකොල්ලකෑ අයෙක් අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ හතලිහක් ගෙවා මිලදී ගත් වෑන් රථයක් ගිනි අවි රැගත් පිරිසක් විසින් මංකොල්ලකෑ බවට 2026.07.10 දින පොලිස්පති සහන මැඳිරිය වෙත පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිදුකරන ලද විමර්ශනයේදී, මෙම අපරාධයට බැලුම්මහර, මුදුන්ගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැලක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පමණ සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇත. 2026.07.13 දින යක්කල ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 59 ක් වන යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන් විසින් වාහන විකිණීම සඳහා මුහුණු පොත ඔස්සේ දැන්වීම් පල කර, වාහන විකිණීමෙන් පසු සංවිධානාත්මකව එම වාහනය පසුපස හඹා ගොස් මංකොල්ලකෑම සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම මංකොල්ලයට සම්බන්ධ බවට සැකකරන වාහන අලෙවිසැලේ හිමිකරු ඇතුලු අනෙක් සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර නිට්ටඹුව පොලිස් වසමේ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැල් හිමිකරුගේ නිවසේ තිබූ කඩු 02 ක්, පිස්තෝල මැගසින් 02 ක්, එම ජීව පතරොම් 03 ක් හා ජිප් රථයක් විමර්ශන නිලධාරින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.මෙවැනි ආකාරයේම සිදුකරන ලද මංකොල්ලකෑම් දෙකක් සම්බන්ධයෙන්ද මොවුන්ට විරුද්ධව පැමිණිලි ලැබී ඇත.

Read more

Local News