APEC ඩිජිටල් සතිය චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී ආරම්භ වන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේය.
2026 APEC සමුළුවේ සත්කාරකත්වය දරන චීනය,මෙම වසර පුරා අදාළ ක්ෂේත්රයන් සඳහා වන අමාත්‍ය රැස්වීම්, ඉහළ පෙළේ වැඩසටහන් 10කට වඩා වැඩි ප්‍රමාණයක් පැවැත්වීමට නියමිත බව ද ඔහු පැවසීය. මෙම වසරේ APEC හි සත්කාරක රට ලෙස කටයුතු කිරීම එළඹෙන නොවැම්බර් මාසයේ චීනයේ පැවැත්වීමට නියමිත 33 වන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා ආර්ථික නායකයින්ගේ සමුළුව සඳහා ශක්තිමත් අඩිතාලමක් දමනු ඇති බව ද මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කෙරිණ.




