ඇමරිකාව ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඇමරිකාව පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙහෙරානයට “හොඳින් හැසිරීම වඩාත් සුදුසුයි” යනුවෙන් අනතුරු අඟවා ඇති පසුබිමකයි ප්‍රහාර එල්ල කර ඇත්තේ.ඇමරිකානු හමුදාව පැවසුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා තර්ජනයට ලක් කිරීමට භාවිත කළ ඉරාන හමුදා හැකියාවන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා පැවති මූලික එකඟතාවයට අභියෝග කරමින්, දෙපාර්ශ්වය අතර නැවත ආරම්භ වූ ගැටුම්වල පස්වැනි දිනය ලෙසයි මෙම ප්‍රහාර එල්ල වූණේ. ඉරාන පාර්ශ්වය පවසන්නේ ගිවිසුමෙන් ප්‍රතිලාභයක් නොලැබෙන්නේ නම් තම රට එය පිළිපැදීමට “කිසිදු හේතුවක් නොමැති” බවයි.



