සමෘද්ධිය ඉලක්ක කරගත්, පොදු ඉරණමක් සහිත චීන – තායිලන්ත ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ දෙරටින් ඒකාබද්ධ නිවේදනයක්

Share

සමෘද්ධිය දෙස යොමුවන, පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව හා තායිලන්ත රාජධානිය අතර ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.
එම නිවේදනයට අනුව, චීන අග්‍රමාතාත්‍ය ලී ච්‍යං මහතාගේ ඇරයුමට අනුව, තායිලන්ත අගමැති Anutin Charnvirakul මහතා ජූලි 16වනදා සිට 20වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුර චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතා ඔහු සමග වෙන් වෙන් ව සාකච්ඡා සහ හමු පවත්වා ඇත.
චීන – තායි සම්බන්ධතාවයේ වර්ධනය පිළිබඳ ව තෘප්තිමත් වන දෙරටේ නායකයෝ, එය ගොඩනගා ඇත්තේ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය පිළිබඳ පදනමක් මත බවට ඒකමතික අදහස් පළ කරති. රාජත්‍යාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ දශක පහක් ගෙවී යන මොහොතේ පොදු ඉරණමක් සහිත චීන – තායිලන්ත ප්‍රජාවේ සංවර්ධනයට වඩා ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීම උදෙසා එක්ව උත්සාහ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. රටේ ස්වාධීනත්වය, ‍ස්වෛරීභාවය හා ‍භෞමික අඛණ්ඩතාවය තහවුරු කිරීමට තායිලන්තයට සහාය ලබා දෙන බව චීනය යළිත් අවධාරණය කර ඇත. එකම චීනය යන මූලධර්මය අනුගමනය කරමින් චීනයේ එක්සත්භාවයට ස්ථිර ව සහයෝගය සලසන අතර, ඕනෑ ආකාරයක ‘තායිවාන බෙදුම්වාදී’ ක්‍රියාවකට සහාය නොදක්වන බව තායිලන්තය යළි තහවුරු කර ඇත.

Read more

Local News