චීන – ASEAN සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම් බව චීනය පවසයි

Share

කලාපීය ස්ථාවරත්වයේ වැදගත්ම බලවේගයක් වන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) සමඟ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි. ASEAN මහලේකම් Kao Kim Hourn මහතා සමඟ පැවති හමුවකදී Wang Yi මහතා මේ බව ප්‍රකාශ කළේය. සියලු රටවල සමානාත්මතාවයට චීනය සැමවිටම ගරු කරන බවත්, අසල්වැසි රටවල් සමඟ මිත්‍රශීලී හා යහපත් අසල්වැසි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන බවත් ඔහු සඳහන් කළේය. මෙම වසරට අග්නිදිග ආසියානු මිත්‍රත්ව හා සහයෝගිතා ගිවිසුම (TAC) අත්සන් කිරීමේ 50 වැනි සංවත්සරය යෙදී තිබේ. එම ගිවිසුමට එක් වූ පළමු ප්‍රධාන රට ලෙස, කලාපීය ප්‍රජාවක් ගොඩනැගීම, සමගිය සහ ස්වයං විශ්වාසය වර්ධනය කිරීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දෙන බව Wang Yi මහතා පැවසීය.
චීන-ASEAN පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කර වසර 5ක් සපිරෙන මෙම සුවිශේෂී අවස්ථාවේදී, ගෝලීය අස්ථාවරතා මධ්‍යයේ වුවද කලාපීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ASEAN කලාපය සමත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, Kao Kim Hourn මහතා ASEAN-චීන ද්විපාර්ශ්වික සබඳතාවලින් ලැබූ ප්‍රතිඵල අගය කළ අතර, කලාපීය ව්‍යුහය තුළ ASEAN හි කේන්ද්‍රීය භූමිකාව සඳහා චීනය ලබා දෙන ස්ථිර සහායට ස්තූතිය පළ කළේය.

Read more

Local News