චීනයේ ප්‍රවාහන ජාලයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර මිලියන 6 ඉක්මවයි

Share

චීනයේ ප්‍රවාහන ජාලයේ සමස්ත දිග කිලෝමීටර මිලියන 6 ඉක්මවා ඇති බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

චීන ප්‍රවාහන අමාත්‍යාංශය අද (21) නිකුත් කළ දත්තවලට අනුව, 14 වැනි පස් අවුරුදු සැලසුම් කාලය (2021-2025) තුළ සමස්ත චීනය ආවරණය වන පරිදි ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීමේ ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් 91%ක් මේ වන විට අවසන් කර තිබේ.

එම කාලය තුළ:

  • අධිවේගී දුම්රිය මාර්ගයේ මෙහෙයුම් දුර කිලෝමීටර 50,000 ඉක්මවා ඇත.
  • අධිවේගී මාර්ග ජාලයේ දිග කිලෝමීටර 199,000කට ආසන්න වී තිබේ.
  • ටොන් 10,000ක් හෝ ඊට වැඩි ධාරිතාවක් සහිත වරාය නැංගුරම් ස්ථාන 3,061ක් දක්වා ඉදිකර ඇත.
  • මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සඳහා භාවිත වන ගුවන්තොටුපළ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම සංවර්ධනයත් සමඟ, ලොව විශාලතම පරිමාණයෙන් සහ වැඩිම භාවිතයක් සහිත තැපැල් හා භාණ්ඩ අධිවේගී බෙදාහැරීමේ සේවා ජාලය චීනය විසින් ගොඩනගා ඇති බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News