හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

Share

2008 වසරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මින් පෙර නිකුත් කළ නොතීසියකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපති වරයා අධිකරණය හමුවේ පෙනී සිටියා. ඉන් අනතුරුව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට තමන් නිවැරදි කරු යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත්තේ. නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා කැදවන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News