ඉරානයට එරෙහිව තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමරිකානු හමුදාව ප්‍රකාශ කරයි. ඉරානයට එරෙහිව ඇමරිකාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කළ 11 වැනි රාත්‍රිය මෙයයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකා ගමනාගමනයට ඉරානය සිදු කරන බාධාකිරීම් වැළැක්වීමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු මධ්‍යම හමුදා විධානය සඳහන් කර ඇත.




