යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

Share

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු කළ ඉල්ලීමට නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධය පළ කර තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙන එම අභියාචනය අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසිනුයි මෙම විරෝධය මතු කරනු ලැබුවේ.

Read more

Local News