ගෝලීය සංවර්ධන මුලපිරුමේ පස්වන සංවත්සරය සැමරීම පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමක්

Share

ගෝලීය සංවර්ධන මුලපිරුමේ පස්වන සංවත්සරය සැමරීම පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමක් ජූලි 28 වනදා බෙයිජිං හිදී පැවැත්වෙන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
චීන විදේශ අමාත්‍ය වං යී මහතා මෙම රැස්වීමට සහභාගී වී දේශනයක් පැවැත්වීමට නියමිතය.
“ගෝලීය සංවර්ධන මුලපිරුමේ පස් වන සංවත්සරයේදී නව ගමනක් ඇරඹීම: තිරසර සංවර්ධනයක් සහිත දීප්තිමත් අනාගතයක් ගොඩනැගීම” යන්න මෙම රැස්වීමේ තේමාවයි. ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල, ප්‍රධාන සහයෝගීතා ක්ෂේත්‍ර සහ එහි ගෝලීය දායකත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, චීනයේ සිටින “ගෝලීය සංවර්ධන මුලපිරුමේ මිත්‍ර කණ්ඩායමේ” සාමාජික රටවල තානාපතිවරුන්, චීනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන නියෝජිතායතනවල නියෝජිතයින් මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥයින් සහ විද්වතුන් ඇතුළු චීන සහ ජාත්‍යන්තර ආරාධිතයින් මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.

Read more

Local News