චීනයට එරෙහි සැලසුම් ගැන හෙළිදරව්වක්

Share

දිනෙන් දින වර්ධනය වන චීනයේ බලයට එරෙහිව ඇමරිකා මහාද්වීපය, අප්‍රිකාව සහ ආසියාව යන කලාපවල ඩොලර් මිලියන සිය ගණනක් ආයෝජනය කිරීමට ඇමරිකාව සැලසුම් කරන බව වාර්තා වේ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත.
රටවල් අතර සාමාන්‍ය සම්බන්ධතා හා සහයෝගිතා සිදු කිරීමේදී කිසිදු තෙවන පාර්ශ්වයකට එරෙහිව කටයුතු නොකළ යුතු බව ඔහු පැවසීය. එම කලාපවල රටවල් හා ප්‍රදේශ සමඟ, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ චීනයේ සහයෝගිතාවන් වර්ධනය වීම, කිසිවෙකුගේ  කැමැත්තක් හෝ ගැටීමක් අරමුණු කරගෙන සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමටත් එම සහයෝගිතාව හේතු වනු ඇති බව Lin Jian මහතා අවධාරණය කර ඇත.

Read more

Local News